කැටගොඩගේ පණත: ට්‍රාන්ස්පේරන්සි හෙළා දකියි

මැතිවරණයක් නොපවත්වා විසුරුවා හරින ලද පළාත් පාලන ආයතන නැවත කැඳවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ප්‍රජාතන්ත්‍ර විරෝධී පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය හෙළා දැක තිබෙනවා.

“මෙම පියවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ජනතා පරමාධිපත්‍යයට දැඩි පහරක් වනු ඇතැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් විශ්වාස කරයි. පළාත්පාලන මන්ත්‍රීවරු බිම් මට්ටමේ මහජන නියෝජිතයෝ ය. ජන වරම පළාත් පාලන ආයතන තුළ පිළිබිඹු වීමට විධිමත් මැතිවරණ අත්‍යවශ්‍ය වේ. මීට අමතරව, ජාතික මැතිවරණ ඇතුළුව නියමිත වේලාවට මැතිවරණ පැවැත්වීම වැළැක්වීම සඳහා නීතිමය රාමුව අනිසි ලෙස භාවිතා කිරීමේ අවදානමක් නිර්මාණය කරන බැවින් මෙම සංශෝධනය නරක පූර්වාදර්ශයක් සපයයි. මෙය රටේ සමස්ත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය කෙරෙහි ජනතාවගේ විශ්වාසය නැති කර ගැනීමට හේතු විය හැකි අතර, නීතියේ ආධිපත්‍යය කෙරෙහි ද ඍණාත්මක බලපෑමක් පෙන්නුම් කරයි”

එබැවින් මෙම සංශෝධනය සම්මත කර ගැනීමට දරන ඕනෑම උත්සාහයක් සම්පූර්ණයෙන් පරාජය කළ යුතු බව ඔවුන් අවධාරණය කරනවා. මෙම පියවරට විරුද්ධ වෙමින් ඔවුන්ගේ ඡන්ද අයිතිය වෙනුවෙන් පෙනී සිටින ලෙස මේ නිවේදනය මගින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles