මුතු රාජා ආයෙ දෙන්නෙ නෑ : තායි රජය

නිසි පරිදි රැක බලා නොගැනීම සහ වධ හිංසා කිරීම නිසා මෙරටට පරිත්‍යාග කර තිබී නැවත තායිලන්තය වෙත ගෙන ගිය මුතුරාජා හෙවත් සක්-සුරින් හස්තියා නැවත ශ්‍රී ලංකාව වෙත බාර දීම කිසිසේත් ම සිදු නොවන බව තායි රජය පවසනවා.

හස්තියා දැන් සිටින්නේ රජුගේ භාරයේ බවත්, එ් ගැන සංවාදයක් ඇති කිරීම පවා නිෂ්ඵල බවත් එරට පරිසර අමාත්‍යවරයා පවසා තිබෙනවා. සක්සුරින් වසර 22ක් ශ්‍රී ලංකාවේ ජීවත් වුවද ඉතා ඉක්මනින් තම රටේ පරිසරයට හැඩ ගැසෙමින් සිටින බවත් අමාත්‍යවරයා කියා සිටියා.

තමන් පරිත්‍යාග කළ ඇතුන් දෙදෙනෙක් තවදුරටත් ශ්‍රී ලංකාවේ සිටින බවත්, එක් ඇතෙකු සුළු තුවාළ සහිතව සිටින මුත් දෙදෙනා රැක බලා ගැනීමට හැකියාව ඇති බව පෙනෙතැයි ද අමාත්‍යවරයා පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles