නව පොලිස්පති දවස් දෙකකින්!

ඉදිරි පැය 48 දී පොලිස්පතිවරයා පත් කිරීම සිදු වන බව අගමැතිවරයා සදහන් කරනවා‍‍.

ජනාධිපතිවරයා මෙම පත්කිරීම ඉතා ඉක්මනින්ම සිදු කරන බවත් ඊට විපක්ෂය කලබල විය යුතු නැති බවත් ඔහු පවසනවා.

ඔහු මෙසේ පැවසුවේ පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම විසින් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

පොලිසියේ සේවා දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පතිවරුන් සාමාන්‍ය පරිදි කටයුතු කරගෙන යන බවද එම නිසා කිසිදු ගැටලුවක් පැන නැගී නොමැති බවද අගමැතිවරයා සඳහන් කරනවා‍‍.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles