ශ්‍රී ලංකාවේ ප්‍රශ්න ඉවරයි – ගල්ෆ් ටුඩේ කියයි!

බොහෝ ආර්ථික විද්‍යාඥයන් බලාපොරොත්තු වූවාට වඩා වෙනස් ව ඉතා කෙටි කාලයකින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නරකම කාලය පසුකරමින් තිබෙන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධාන පුවත් ඒජන්සියක් වන ගල්ෆ් ටුඩේ දක්වා තිබෙනවා.

කාර්තු 6ක ආර්ථික හැකිළීමකට පසුව මේ කාර්තුවේ දී ආර්ථිකය නැවත ඉහළ යනු ඇති බවට මහබැංකුවේ වාර්තා ඔවුන් උපුටා දක්වනවා. විදේශ ප්‍රේෂණ ඉහළ යෑම 76% ක වැඩිවීම, සංචාරක ආදායම 30%ක ඉහළ යෑම සහ ලෝක බැංකු ණය ආධාර සලාකය ලැබීම ඔවුන් ප්‍රධාන කරුණු ලෙස සඳහන් කරනවා.

කෙසේ වෙතත්, දරිද්‍රතා මට්ටම ඉහළ යෑම, ඇඳුම් මිල 44%කින් ඉහළ යෑම, නිවාස 26%කින් සෞඛ්‍ය වියදම 16%කින් ඉහළ යෑම නිසා තවමත් රටේ දුප්පත් ජනතාවගේ පීඩනය වැඩිව තිබෙන බව ද ඔවුන් දක්වා තිබෙනවා.

අපනයන පහත වැටීම, යුරෝපයට සහ එක්සත් ජනපදයට අපනයන කරන ඇඟලුම් අලෙවිය 16.5% පහළ වැටීම නොතිබුණේ නම් මේ තත්වය සෑහෙන තරම් ධනාත්මක වනු ඇතැයි ද ඔවුන් සඳහන් කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles