ලන්දේසින් ගෙනගිය පුරාවස්තු ආපසු ලැබෙන හැඩ!

යටත් විජිත් සමයේ මෙරටින් උදුරාගෙන ගිය පුරාවස්තු කිහිපයක් ආපසු ලබා දීමට නෙදර්ලන්තය තීරණය කර තිබෙන බව එම රජයේ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ සහ ඉන්දුනීසියාවේ ඉල්ලීම පරිදි යටත් විජිත සමයේ බලෙන් පැහැරගෙන හෝ කොල්ලකෑමෙන් අත්පත් කරගත් පුරාවස්තු 500ක් එලෙස ආපසු ඉල්ලා තිබෙන බව එම වෙබ් අඩවිය ම වාර්තා කරනවා. යටත් විජිත් සමයේ වස්තු ආපසු ලබා දීම සඳහා පත් කර ඇති කමිටුව මෙම තීරණය ගෙන ඇති අතර ඔවුන්ගේ කෞතුකාගාර කිහිපයක මේවා තිබෙන බව කියැවෙනවා.

ශ්‍රී ලංකාවට අයත් පුරා වස්තූන් කිහිපයක් මෙම වසර අගදී ලබා දෙන්නට කටයුතු කරගෙන යන බවයි පැවසෙන්නේ.

ශ්‍රී ලංකාවෙන් ලබාගෙන දැනට Rijks කෞතුකාගාරය භාරයේ ඇති පුරා වස්තු හයක් ආපසු ලබා දෙන ලෙස ශ්‍රී ලංකාව ඉල්ලා තිබෙනවා. රටවල් දෙකෙහිම පර්යේෂකයන් මේවායේ ඉතිහාසය පිළිබඳව පුළුල් ලෙස අධ්‍යයනය කර තිබෙනවා. ආපසු බාර දීමේ ක්‍රියාවලිය සංස්කෘතික ආයතන අතර තවදුරටත් සහයෝගීතාව සඳහා පදනමක් ඇති කරන බව පොදු මතය වනවා.

රිදී සහ රන් කස්තාන දෙකක්, සිංහලයන් පාවිච්චි කරන ලද පිහියක් සහ තුවක්කු දෙකක් මේ ලැයිස්තුවට ඇතුළත් බව වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles