ඕවර් 40 පසු කළේ කොදෙව්වන් පමණයි!

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන්වටයට සුදුසුකම් ලැබීමේ තරඟවලදී ශ්‍රී ලංකාවට එරෙහිව තරඟ කළ කණ්ඩායම් අතරින් පන්දු ඕවර 40කට මුහුණ දුන්නේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පමණක් බව වාර්තා වෙනවා. අද පැවති තරඟයේ දී ශ්‍රී ලංකාවේ පන්දු ඕවර 44.3කට මුහුණ දෙන්නට කොදෙව්වන් සමත් වුණා.

මෙය විශේෂත්වයක් බවයි ක්‍රිකට් ක්‍රීඩා තොරතුරු අංශ පවසන්නේ. මෙයට පෙර ශ්‍රී ලංකාව සමග තරඟ වැදුණු සියලු කණ්ඩායම් පන්දු ඕවර 40කට පෙර දවාගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles