වීදි සුනඛයන් ජාතික ප්‍රශ්නයක් වෙන ලකුණු

රට පුරා වීදිවල සහ ගම්බද පෙදෙස්වල බෝ වෙමින් යන වීදි සුනඛ ගහණය බරපතළ ගැටලුවක් බවට පත් වෙමින් යනවා. රත්නපුර කුරුවිට ප්‍රදේශයේ දී ජලභීතිකා රෝගය වැළඳී අවුරුදු 12ක දරුවෙකු මියගොස් තිබෙනවා. ආරංචි මාර්ග වාර්තා කරන්නේ, කුඩා බලු පැටවකු සපාකෑම නිසා ඔහුට ජලභීතිකා රෝගය වැළඳී ඇති බවයි.

සුනඛයන් මරාදැමීම වෙනුවට වන්ධ්‍යාකරණය හඳුන්වා දුන්නද පෙනෙන පරිදි එය සාර්ථක වී නැහැ. දැන් වීදිවල බොහෝ විට දකින්නට ලැබෙන්නේ 10-20ත් අතර රංචු වශයෙන් සැරිසරන සුනඛයන් වීම විශේෂත්වයක්. රෝහල්වල ජලභීතිකා එන්නත් ද හිඟ තත්වයක් යටතේ ජනතාව මාර්ගවල ගමන් ගන්නේ බියෙන් සහ සැකයෙන්. මේ සුනඛයන් නිසාවෙන් සිදුවන රිය අනතුරු ප්‍රමාණයද බොහෝ වැඩි වී තිබෙනවා.

දිනෙන් දින වර්ධනය වන වීදි සුනඛ ගැටලුවට කිසිම ප්‍රායෝගික විසඳුමක් මෙතෙක් ඉදිරිපත් වී නැහැ. තත්වය දිගින් දිගටම මෙසේ පවතින්නේ නම් ජලභීතිකාව හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles