ලොව ධනවත් ම යාචකයා ඉන්දියාවෙන් : කෝටි 7.5ක වත්කම්!

ඉන්දීය පුරවැසියකු වන Bharat Jain නම් පුද්ගලයා ලොව ධනවත් ම යාචකයා ලෙස සැලකෙනවා. ඔහු වර්තමානයේ දී ද මුම්බායි නගරයේ සිඟමන් යදින බව හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කරනවා.

මූලික අධ්‍යාපනය අහිමිව සිඟමනට යොමු වූ භාරත්ට මේ වන විට ඉන්දීය රුපියල් කෝටි 7.5ක මුදලක් හිමි බව කියැවෙන අතර මුම්බායිහි කෝටි 1.2ක මහල් නිවසක්, මසකට ඉන්දීය රුපියල් 30000ක කුලිය ලැබෙන සාප්පු දෙකක්ද අයිති බව හින්දුස්ථාන් ටයිම්ස් වැඩිදුරටත් වාර්තා කර තිබුණා.

මුල අමතක නොකළ භාරත් අදටත් මුම්බායි හී වීදිවල සිඟමන් අයදිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles