මිලියන 100 වන්දිය ගෙවන්න මෛත්‍රීට තව දින 4යි!

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අධිකරණයෙන් නියම කළ වන්දිය ගෙවීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු අනෙක් චූදිතයන්ට ලබා දී තිබූ කාලය බදාදායින් අවසන් වෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව හිටපු ජනාධිපතිවරයා වන්දි වශයෙන් රුපියල් මිලියන 100ක් ගෙවිය යුතු වෙනවා. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනටත් රුපියල් මිලියන 100 සහ 75 බැගින් වන්දි ගෙවීමට නියම කෙරුණා. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු රුපියල් මිලියන 50ක් ද ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මිලියන 10ක් ද ගෙවිය යුතු වෙනවා.

දසක 3ක සිවිල් යුද්ධයෙන් පසු මෙරට සිදු වූ දරුණුතම ප්‍රහාරය වන පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් 270 දෙනෙක් මිය ගිය අතර 500කට වැඩි පිරිසක් තුවාළ ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles