මුහුදු සීමාව පැන්න ඉන්දීය ධීවරයන් දැලේ

ජාත්‍යන්තර සමුද්‍ර සීමාව ඉක්මවා පැමිණ ඩෙල්ෆ්ට් දූපත ආසන්නයේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයන් 15 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ පිරිස රාමේෂ්වරම් සිට ධීවර කටයුතු සඳහා පැමිණි ධීවරයන් බවයි පැවසෙන්නේ. ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා පොකුරක් මෙසේ පැමිණ තිබූ අතර ඔවුන් පළා ගිය පසු වෙරළ ආරක්ෂක බලකායේ 4 වෙනි වේග ප්‍රහාරක යාත්‍රා යොදවා මේ ධීවරයන් 15 පැමිණි බෝට්ටු දෙකක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස ඉදිරි ක්‍රියාමාර්ග සඳහා මයිලඩි ධීවර පරීක්ෂ වෙත භාර දී තිබෙන බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles