ආණ්ඩුව රැකගන්න පොහොට්ටුවට වරප්‍රසාද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට තනතුරු සහ වෙනත් වරප්‍රසාද ලබා දීමට ආණ්ඩුව තිරණය කර තිබෙනවා.

ඇමැති ධූර බලාපොරොත්තුවෙන් සිටින මන්ත්‍රීවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මෙම වරප්‍රසාද ලැබීමට නියමිතයි.

ඒ් අනුව සම්බන්ධීකරණ ලේකම් තනතුරු ඇතුළු විවිධ තනතුරු, වාහන සහ වෙනත් වරප්‍රසාද ලබාදීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා‍.

මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ පවුලේ සාමාජිකයන්ට එවැනි තනතුරු සහ වාහන දැනටමත් පිරිනමා තිබෙන බව ද වාර්තා වෙනවා.

මෙම මන්ත්‍රීවරුන් රජයට එරෙහිව කටයුතු කිරීම වැළැක්වීමේ අරමුණෙන් මෙම පියවර ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles