බදු අභියාචනා කොමිසම සුදු අලියෙක්:අහෝසියි!

බදු අභියාචනා කොමිෂන් සභාව අහෝසි කිරීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.

ඊට හේතුව එම කොමිෂන් සභාව බදු අභියාචනා විමසීම අකාර්යක්ෂම නිසා රුපියල් කෝටි 11,700 කට වැඩි හිඟ බදු අයකර ගැනීමට නොහැකිවී තිබීමයි.

මෙම කොමිසම අහෝසි කිරීමට විශේෂ පනතක් පාර්ලිමේන්තුවට ළඟදීම ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කරනවා.

මෙම කොමිසම පසුගිය අවුරුදු දෙකටම එකම නඩුවක් හෝ පවරා නොමැති වීම බරපතළ කාරණයක් බවද ඔහු පෙන්වා දෙනවා.

මෙවැනි අකාර්යක්ෂම කොමිෂන් සභා විශාල මුදලක් වැය කරමින් නඩත්තු කිරීම සුදුසු නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles