රෝහලේ වරද FB දැමූ ගුරුවරිය සොයා පොලිසිය ඇවිල්ලා

“රෝගී ජීවිත බිල්ලට ගන්නා නාගොඩ රෝහල”
මුලින්ම කියන්න ඕනේ මේ කියන්නෙ මගේ පවුද්ගලික අත්දැකීමක්…මන් මේක ලියන්න හිතුවේ මන් වගේ තවත් කෙනෙක් අමාරුවේ නොවැටෙන්නයි… මගේ පියා දරුණු හදවත් රෝගයකින් පීඩා විදින පුද්ගලයෙක්…තාත්තාව පානදුර රෝහලෙන් angiogram පරීක්ෂණය සදහා නාගොඩ රෝහලට ඇතුලත් කරේ 2023 ජුනි 21 වෙනිදා…තාත්තා angiogram එක කරලා රෝහලෙන් discharge කරා එදා හවසම.. වෙද්‍ය නිර්දේෂය උනේ තාත්තට බයි පාස් එකක් කරන්න ඕනේ කියන එක ..ඔවුන් එහිදී අපට තාත්තාගේ angiogram එක කරපු සී.ඩී පටය ලබා දුන්නේ නිවසේදී නරඹන්නත් එපා කියලා..තව ඔවුන් කිව්වා ඉක්මනට සැත්කම සදහා දිනයක් දා ගන්න ඕනේ..ඒ නිසා ඉක්මනට clinic එකට දිනයක් දා ගන්න කිව්ව එක.. ඉතින් , මන් ඊ ලග දවසේම clinic එකට දිනයක් දා ගන්න ගියා..හදිස්සී කියපු මිනිස්සු මට දිනේ දුන්නේ මාස 2ක් කල් ගියාට පස්සේ. ඉතින් මට පුංචි සැකයක් හිතුන නිසා මන් තාත්තව cardiologist කෙනෙක්ට පෙන්නුවා..අර නාගොඩින් දීපු සී.ඩී එකත් අරන් ගියා…ඒ වෙලාවේ ඒ ඩොක්ටර් කිව්වේ අපිට දීලා තියෙන සී.ඩී එක empty සී.ඩී එකක් කියලා..ඒක රයිට් වෙලා නෑ කිව්වා.. තව ඩොක්ටර් කිව්වා ඩයි එකත් එක්ක ස්ට්‍රෙන්ත් එක දාන්න පුලුවන්කම තියෙද්දී නොදා ඉදලා තියෙන්නේ කියලා… තාත්තට බයි පාස් කරන්න කියලා තියෙන්නේ…ඇත්තටම ඊට පස්සේ මන් නාගොඩ රෝහලේ තාත්තා හිටපු ward එකට කතා කරලා සී,ඩී එක ගැන ඇහුවා.. එතකොට ඔවුන් කිව්වේ එහෙම empty cd වැරදිලා යන්න පුලුවන්.. ගෙනත් දෙන්න අපි රයිට් කරලා දෙන්නම් කියලා.. ඉතින් මන් අද ගියා සී ඩී එක රයිට් කරගන්න.. අපිව රස්තියාදු කරා මේ මිනිස්සු පැය ගාණක් ඊට පස්සේ කියනවා සී.ඩී එක රයිට් කරන මැෂින් එක කැඩිලා..වෙන දවසක එන්න කිව්වා රයිට් කරලා දෙන්න..උන් කරපු හොර වැඩේ නිසා සී. ඩී එක නොදී ඉන්න කරන්නේ.. තාත්තගේ රෝග විනිශ්චය පත අරගෙන ගියා මුන් සී.ඩී එකත් එක්ක..ඒක ඉල්ලුවහම ඒක දෙන්නත් තව පැයක් අපිව රස්තියාදු කරා..ඇත්තටම අපි ගෙවල් වල නිකන් ඉන්න බැරුව කහනවට යනවා නෙවෙයි මේවට..මාත් job එකක් කරන කෙනෙක්..නිවාඩු අරගෙන ,දරුවන්ව තරග වලට පුහුණු කරන්න තියෙනවා ඒවත් කල් දාගෙන මේ ගියේ…අපේ බදු සල්ලි වලින් පිනට පඩි කන මේ වගේ 2.50 නිලධාරීන් ගැන සෙවීමට අදාල බලධාරීන්ගේ ඇස් කන් ඇරේවා.. මුන් මේ සෙල්ලම් කරන්නේ රෝගීන්ගේ ජීවිත එක්ක…පුලුවන් තරම් මේ පෝස්ට් එක share කරලා මුන්ගේ නිරුවත රටට පෙන්නන්න උදව් කරන්න…හෙට මේ දේ ඔබේ අම්මට තාත්තාට වෙන්නත් පුලුවන්..නාගොඩ රෝහලට යනවා නම් ඔබත් හර්ස් එකකින් එන්න බලන් යන්න..2.50 staff එකක් ඉන්නේ”

(- ඇය පළ කළ ෆේස්බුක් සටහන කලුතර අපි ෆේස්බුක් සමූහයෙන් උපුටා ගැනිණි.)

කලුතර නාගොඩ රෝහලේ දී තමා මුහුණ දුන් අත්දැකීමක් මෙලෙස ෆේස්බුක් සටහනක් ලෙස පළ කළ ගුරුවරියක සොයා කළුතර දකුණ පොලිසියේ නිලධාරීන් ඇගේ නිවසට පැමිණ තිබෙනවා. ඇය පළ කළ ෆේස්බුක් සටහන ඉවත් කරගන්නා ලෙසද පොලිසිය බලපෑම් කළ බව ඇය පවසා සිටිනවා. ඒ අනුව ඇය සිය සටහන ඉවත් කරගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රකාශයක් ලබා ගැනීමට ඇයට පොලිස් ස්ථානය වෙත පැමිණෙන ලෙස ද දන්වා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles