පොහොට්ටුවට දූෂණ විරෝධී පනත ගැන ප්‍රශ්න!

නුවන් හෙට්ටිආරච්චි

දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පිළිබදව එකඟ විය නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා පවසනවා.

එම නිසා තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට, ඔවුන්ගේ අභිමතය පරිදි පනත් කෙටුම්පතට පක්ෂව හෝ විපක්ෂය ඡන්දය ලබා දීමට අවසර දී තිබෙන බව ද සාගර කාරියවසම් සඳහන් කරනවා.

මෙසේ එම පක්ෂය විවිධ අදහස් යෝජනා කරන්නේ දූෂණ විරෝධී පනත් කෙටුම්පත සදහා ඡන්දය විමසීම එළැඹෙන 19 වන දා පැවැත්වීමට නියමිතව පවතින නිසයි.

එහිදී, ඔහු ප්‍රශ්න කරන්නේ විශේෂයෙන්ම, අල්ලස් සිදුවීමක් සම්බන්ධයෙන් එල්ල වී තිබෙන හුදු පැමිණිල්ලක් මත, මහේස්ත්‍රාත්වරයෙකුගේ අවසරයකින් තොරව අත්අඩංගුවට ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් තමන්ට මෙන් ම තම පක්ෂයේ මැති ඇමතිවරුන්ටත් ගැටලුවක් පවතින බවයි.

මේ සම්බන්ධව පොහොට්ටු පක්ෂයේ සංශෝධන අධිකරණ අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළද, අධිකරණ අමාත්‍යවරයා එම සංශෝධන ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඊට පසුව පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් එහි සමාජිකයින්ට දූෂණ විරෝධී පනත් කෙටුම්පත සදහා ඡන්දය විමසීම තමන්ට කැමති ලෙස සිදු කරන ලෙස පවසා තිබෙනවා.

අධිකරණ අමාත්‍යවරයා මේ පිළිබදව පවසන්නේ, දූෂණ විරෝධී පනත සම්මත වීම වැලැක්වීමට කිසියම් බලවේගයක් ක්‍රියාත්මක වන බවයි.

මේ අතර, සමගි ජන බලවේගයද දූෂණ විරෝධී පනතට සංශෝධන ඉදිරිපත් කර තිබෙනවා. ඒ ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී පනත අතීතයටද බලපාන බවට වූ වගන්තියක් පනතට ඇතුළත් කරන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles