විදුලි බිල් වෙනදත් ගෙව්වා-මෙවර කලින් ගෙවනවා: දියවඩන නිලමේ

දළදා මාලිගාවේ ඇසල පෙරහරට අදාළ විදුලි බිල් ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර එය ගෙවන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයෙන් පෙරහැර කමිටුවට දැනුම් දී තිබුණා. එය යම් ආන්දෝලනයක් ඇති කළ තත්වයක් වුණා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂමන් කිරිඇල්ල මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් එය විවේචනය කළ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් එය බරපතළ විවේචනයකට ලක් කර තිබුණා.

කෙසේ වෙතත්, දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල ප්‍රකාශ කර තිබෙන්නේ, මෙය සාමාන්‍ය ක්‍රියාපටිපාටියක් බවත් පෙර වතාවලද විදුලි බිල් ගෙවූ අතර මෙවර කලින් ගෙවන්නැයි ඉල්ලා ඇති බවත් එය ගෙවීම ගැටලුවක් නොවන බවත් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles