අමෙරිකාව ශ්‍රී ලංකාවේ ගුණ වයයි!

නුවන් හෙට්ටිආරච්චි

I.M.F වැඩ සටහනට අනුව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ වැඩ පිළිවෙල ඉතා සාර්ථක බව අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් පවසනවා.

ඒ නිසා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනමින් අවසන් කිරීමට හැකි වන බවයි එම ලේකම් ජැනට් යෙලන් පවසන්නේ.

ඇය මේ බව සඳහන් කළේ ඉන්දියාවේ ඇරඹෙන G 20 සමුළුවට පැමිණි අවස්ථාවේ ඊට පෙර පැවති මාධ්‍ය හමුවකදී.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහන ට සම්බන්ධ සමාලෝචනය ද නිසි පරිදි ශ්‍රී ලංකාවට කළ හැකි බවට ද ඇය විශ්වාසය පළ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles