ප්‍රශ්නය විසඳන්න මැදිහත් වෙන්න:සම්බන්ධන් මෝදිට කියයි

උතුර – නැ‌ගෙනහිරට ඉඩම් හා පොලිස් බලතල ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට බලපෑමක් කරන ලෙස ඉල්ලා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ඒ් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා ඇතුලු දෙමළ පක්ෂ විසින්.

ඉන්දු – ලංකා සාම ගිවිසුම කෙරෙහි යළි අවධානය යොමු කොට දෙමළ වාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමට කටයුතු කරන ලෙස ද එම ලිපියේ සඳහන්.

එසේම පොලිස් හා ඉඩම් බලතල නොමැතිව උතුරු නැගෙනහිර වෙන් නොකර ලබා දෙන දේශපාලන විසඳුමකින් දෙමළ ප්‍රශ්න නොවිසඳෙන බවත් එහි පැවසෙනවා.

එම නිසා ශ්‍රී ලංකා රජය හා ඉන්දීය රජය අතර අත්සන් තැබුණු ඉන්දු – ලංකා සාම ගිවිසුම ප්‍රකාරව මේ අවස්ථාවේ දී කටයුතු කිරීමේ වගකීම ඇත්තේ ඉන්දියාවට බව ද එම ලිපියේ සඳහන් වෙනවා.

තව ද එම ලිපියේ ඉඩම් හා පොලිස් බලතල ලබා නොදී ලබා දෙන කිසිදු විසදුමකට දෙමළ දේශපාලනඥයින් හෝ දෙමළ ජනතාව කැමැත්තක් නොදක්වන බව සඳහන්.

දෙමළ සන්ධානය ඉන්දියාව මේ කෙරෙහි ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට යම් බලපෑමක් සිදු කළ යුතුව බව ද පැහැදිලිව අවධාරණය තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හෙට (20) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි හමුවීමට එරටට යාමට නියමිත නිසා බව ද දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles