වසංගත රෝග 3ක් යළි පැතිරේ

මැලේරියා, බරවා සහ සරම්ප යන වසංගත රෝග 3ක් නැවත රට තුළ වර්ධනය වෙමින් තිබෙනවා.

මෙම රෝග සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව තුළ පාලනය කර තිබූ රෝග බවයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසන්නේ.

මෙම තත්ත්වයන් රජය පාලනය නොකළහොත් තම ඡන්ද බල ප්‍රදේශවලට යාමට නොහැකි තත්ත්වයක් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ඇති වන බවයි ඔහු දැඩිව අවධාරණය කරන්නේ.

රටේ ආර්ථිකය පිළිබඳව පමණක් නොව රටේ සෞඛය ගැන ආණ්ඩුව අවධානය යොමු කළ යුතු බව ද මෙම සෞඛ්‍ය ගැටලු විසඳීම වෙනුවෙන් වහා ආණ්ඩුව ක්‍රියාමාර්ග ගත යුතු බව ද රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles