ආනයන සීමා ගැන අලුත්ම තීරණය

තවත් භාණ්ඩ 328ක් සඳහා පනවා තිබූ ආනයන සීමා ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ට්විටර් පණිවිඩයක් මගින් මේ බව ප්‍රකාශ කළා.

ඊට අදාළ ගැසට් නිවේදනය අද රාත්‍රියේ ප්‍රකාශයට පත් කරන බවයි අමාත්‍ය සියඹලාපිටිය කියා තිබුණේ.

රජය අවසන් වරට භාණ්ඩ 240කට අධික ආනයන සීමා ලිහිල් කළේ ජුනි 10 වැනිදා වන අතර 2020 මාර්තු මාසයේ සිට මේ ආනයන තහනම ආරම්භ වුණා. ඒ කොවිඩ් වසංගතය හේතුවෙන්. පසුව ආර්ථික අර්බුදය නිසා එය දීර්ඝ කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles