ටෙලිකොම් හිටපු සභාපති සටනට!

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ හිටපු සභාපති රොහාන් ප්‍රනාන්දු ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එහිදී ඔහු චෝදනා කළේ මැලේසියානු ආයෝජකයෙකුගේ ඉල්ලීමකට තමා ධුරයෙන් ඉවත් කර ඇති බවයි.

ටෙලිකොම් සමාගම විකිණීමට තමාගෙ ඇති විරුද්ධතාවය නිසා මෙම තීරණය ගෙන ඇති බවයි ඔහු පවසන්නේ.

තමා ඉවත් කිරීමේ දී නිසි ක්‍රියාපාටිය අනුගමනය නොකළ බවත්, ඒ අනුව තමා නීති මගින් කටයුතු කිරීමට කටයුතු කරන බවත් ඔහු පවසා සිටියා. එසේ ම මේ සම්බන්ධයෙන් ඔහු භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles