කම්කරු අමාත්‍යාංශ ලේකම් වහාම අත්අඩංගුවට ගන්න නියෝග

කම්කරු අමාත්‍යාංශයේ ලේකම් අර්.ජී.ඒ විමලවීර වහාම අත්අඩංගුවට ගන්නැයි හොරණ මහේස්ත්‍රාත්වරයා (24) නියෝග කර තිබෙනවා.

එසේ නියෝග කර තිබෙන්නේ හොරණ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය විසින්.

එම නියෝගය නිකුත් කරමින් පොලිස්පති මගින් දින 70ක් ඇතුළත ඔහු අත්අඩංගුවට ගැනීම ක්‍රියාත්මක කරන ලෙසයි ඔහු නියෝග කරන්නේ.

ඒ හොරණ ප්‍රදේශයේ රබර් කර්මාන්තශාලාවක රසායනික ද්‍රව්‍ය බැහැර කිරිමේ ටැංකියකට වැටී පුද්ගලයින් 05 දෙනෙකු මිය යාමේ සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී.

එම නඩුවට අදාළව අසත්‍ය සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා කළුතර දිස්ත්‍රික් හිටපු කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරුවරයෙකුට බලපෑම් කළ බවට ඔහුට චෝදනා එල්ල වීම නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles