අතිවිශේෂ ගැසට් පත්‍රයක්: පොලිස්පතිට විශේෂ බලතල

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයේ සිට පොලිස් කොස්තාපල් නිළය දක්වා නිළයන් වෙනුවෙන් සිදුකරනු ලබන පත්කිරීම්, උසස්කිරීම්, ස්ථානමාරු කිරීම්, විනය පාලනය කිරීම්, සේවයෙන් පහ කිරීම ආදි කටුයතු සිදු කිරීමේ බලය පොලිස්පතිවරයාට පැවරෙන බව එහි සඳහන්.

පොලිස්පතිවරයා ට අමතරව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිට සහකාර පොලිස් අධිකාරිවරුන් වෙතද මෙම බලය පවරා ඇති බවද එම නිවේදනයේ සඳහන්.

මෙම සියලු පත්කිරීම්, උසස්කිරීම්, ස්ථානමාරු කිරීම්, විනය පාලනය කිරීම්, සේවයෙන් පහ කිරීම ආදි කටුයතු සිදුවන්නේ ජාතික පොලිස් කොමිසමේ නීති රීති වලට අනුකුළව බවත්, කිසිවකුට යම් අසාධාරණයක් සිදු වන්නේ නම් ඒ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම් සභාව වෙත අභියාචනා ඉදිරිපත් කළ හැකි බවයි ජාතික පොලිස් කොමිසම් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයා හා අනිකුත් උසස් නිලධාරීන්ට මෙම බලය පැවරුව ද ඔවුන් සෑම අවස්ථාවකදීම තීරණ ගත යුත්තෙ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 155 උ, වන ව්‍යවස්තාවට අනුව බවද එම නිවේදනයේ පැහැදිලිව සඳහන් කෙරෙනවා.

පොලිස් නිලධාරීන්ගේ කටයුතු පහසු කිරීම, ඉක්මනින් තීන්දු තීරණ ගැනීම ආදි කරුණු රැසක් සැලකිල්ලට ගනිමින් මෙම බලය ලබා දීම සිදුකර ඇති බවද කොමිසම් ආරංචි මාර්ග සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles