හිමිනම කළ අපචාරය:සිර දඬුවම් අත්හිටුවා ලක්ෂ 6ක් දඩ ගසයි

බාලවයස්කාර ලිංගික අපචාර චෝදනා සම්බන්ධයෙන් පවරා තිබූ නඩු දෙකකට වරද පිළිගත් හිමිනමකට රුපියල් ලක්ෂ 06ක වන්දියක් සහ දඩ මුදල් ගෙවන ලෙසට කොළඹ මහාධිකරණය ඊයේ (27) නියෝග කළා.

පවරා තිබූ නඩු දෙක වන්නේ බාලවයස්කාර දරුවෙකුට බරපතළ ලිංගික අපචාරයක් සිදුකිරීම සහ බාලවයස්කාර සාමණේර හිමිනමකට පහරදී තුවාල සිදුකිරීම.

ලිංගික අපචාර චෝදනා සම්බන්ධයෙන් පවරා තිබූ නඩු දෙකටම වරද පිළිගත් විත්තිකරුව වරදකරු කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඔහුට මාස 18ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර එය වසර 05කට අත්හිටුවීමට නියෝග කර තිබෙනවා.

ඊට අමතරව රුපියල් ලක්ෂ 05ක වන්දියක් ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා, එම වන්දි මුදල අගතියට පත් පාර්ශ්වයට ගෙවන ලෙසත් නියෝග කළා.

එමෙන්ම විනිසුරුවරයා විසින් විත්තිකරුට රුපියල් 3,000ක දඩයක් ද නියම කරනු ලැබීය.

ඉන් අනතුරුව 2016 වසරේ සිය විහාරස්ථානයේ වැඩවාසය කළ සාමණේර හිමිනමකට පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව විත්තිකාර හිමිනමට එරෙහිව ගොනුකර තිබූ තවත් නඩුවක් කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම චෝදනාවලට ද විත්තිකරු වරද පිළිගත් අතර ඒ අනුව විත්තිකරුට විනිසුරුවරයා විසින් වසර 02ක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කර එම දඬුවම වසර 05කට අත්හිටුවන ලෙසත් නියෝග කර තිබෙනවා.

ඊට අමතරව පහරදීමට ලක්වූ බාල වයස්කරුට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසයි විත්තිකරුට නියෝග කෙරුණේ.

මීට අමතරව රුපියල් දෙදහසක දඩයක් ගෙවන ලෙසත් විනිසුරුවරයා විසින් විත්තිකරුට නියෝග කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles