ශ්‍රී ලංකාවට සහය දෙන බව මැක්‍රොන් කියයි

ශ්‍රී ලංකාවේ සිව්වන විශාලතම ණය හිමියා ලෙස ප්‍රංශය, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සිය සහය ලබා දෙන බව
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසනවා.

සිය දකුණු පැසිෆික් කලාපයේ සංචාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වු ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව සඳහන් ක තිබෙනවා.

එසේම ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවට 75 වන සංවත්සරය ද පිරීම විශේෂ දිනයක් වන අතර අනෙක් වැදගත්කම වන්නේ ප්‍රංශයේ ජනාධිපතිවරයෙක් මෙරට සංචාරයක නිරත වූ පළමු අවස්ථාව වීම හේතුවෙන්.

ජාත්‍යන්තර සබඳතාවන්හිදී ප්‍රංශයේ මැදිහත්වීම අගය කළ ජනාධිපති වික්‍රමසිංහ විශේෂයෙන් දේශගුණික විපර්යාස අවම කිරීම, විදේශ ණය ප්‍රශස්තකරණය සහ ඉන්දු-පැසිෆික් කලාපයේ ගැටලු පිළිබඳ දක්වන සහයෝගය ද අගය කර තිබෙනවා.

සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතතාව සඳහා අධ්‍යාපන ආයතනයක් පිහිටුවීම, සංවර්ධනය සඳහා වූ ප්‍රංශ නියෝජිතායතනයක් (AFD) ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීම, ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික සංවාද ආරම්භ කිරීම, අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව සහ සාගරය ආශ්‍රිත මිනිස් ජාවාරමට මැඩ පැවැත්වීමේ උත්සාහයන් වැඩිදියුණු කිරීම යනාදිය මෙම සහයෝගීතා ක්ෂේත්‍රවලට ඇතුළත්.

ප්‍රංශය සාමාජිකත්වය දරණ ඉන්දීය සාගර කලාපීය සංගමයේ (IORA) ඉදිරි සභාපතිත්වය අතරතුර ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ප්‍රංශය දැඩි උනන්දුවෙන් පසුවන බවද ප්‍රංශ ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

තිරසාර අනාගතයක් සඳහා වන ගෝලීය ප්‍රයත්නයන් සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කරමින් පැරිස් න්‍යාය පත්‍රයට සම්බන්ධ වීමට ශ්‍රී ලංකාවේ කැමැත්ත ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුට සඳහන් කර තිබෙනවා.

කෙසේ වුව ද ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්ක්‍රෝන් මහතා පැය 02 යි විනාඩි 09 ක කෙටි ශ්‍රී ලංකා සංචාරයක් සදහා එරටට අයත් ගුවන් යානා 03 කින් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ එම සාකච්ඡා නිමාවෙන් පසුව 29 දින අලුයම 01.44 ට ප්‍රංශයේ පැරිස් නුවර බලා පිටත්ව ගියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles