ක්‍රිකට් ලොක්කෙක්ගේ තවත් මගඩියක්

මේ දිනවල පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය අස්සේ ද එක්තරා ක්‍රිකට් ලොකු තැනක් විසින් කොමිස් මගඩියක් සිදු කිරීමට ගත් වෑයමක් පිළිබඳ ආරංචියක් Lankaline වෙත ලැබුණා.

ඒ ලීග් කණ්ඩායමකට නවාතැන් සඳහා හෝටලයක් තෝරා ගැනීමට යාමේ දී බවයි කියැවෙන්නේ. පසුගිය දිනවල ද ආන්දෝලනයට තුඩු දුන් ක්‍රිකට් කතන්දරයේ චරිතයක් රඟ පෑ මේ ලොකු තැන එකී කණ්ඩායමට නවාතැන් ගැනීම සඳහා කොළඹ තරු පන්තියේ හෝටලයකට කතා කර එහි එම කණ්ඩායම දවස් දෙකක් නවතා ද තිබෙනවා. ඉන් පසුව ඔහු විසින් අදාළ හෝටලයෙන් ලබා ගන්නා එක් කාමරයක් වෙනුවෙන් ඩොලර් 24ක කොමිස් මුදලක් ඉල්ලා ඇති අතර එකී පරිපාලනය එයට අකමැති වීම හේතුවෙන් කණ්ඩායම එම හෝටලයෙන් ඉවත් කර වෙනත් හෝටලයකට ගෙන ගොස් ඇතැයි ද වාර්තා වෙනවා.

කෙසේ වෙතත්, මෙම සිදුවීම නිසා අදාළ තරු හෝටලය බලවත් අපහසුතාවට පත්ව ඇත්තේ වෙනත් කිසිවෙකු වෙනුවෙන් ද වෙන් නොකර එම කණ්ඩායම වෙනුවෙන් කාමර වෙන් කර තිබුණ ද එම කොන්ත්‍රාතුව කොමිස් මුදලක් නිසා අහිමි වීම හේතුවෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles