පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනකට සැලසුම්!

රජයේ පූර්ණ අනුග්‍රහය සහිතව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ආරම්භ කිරීමට සියලු සැලසුම් සකස් කර ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර සඳහන් කරනවා.

ඔහු එසේ සඳහන් කළේ ඊයේ දිනයේ පැවති මාධ්‍ය හමුවකදී.

මෙයට පෙර අවස්ථා 13ක දී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීමට උත්සාහ කර අසාර්ථක වූ පසුවත් නැවත රජයේ අනුග්‍රහයෙන්ම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල 3ක් ආරම්භ කිරීම වෛද්‍ය උපාධියේ ගුණාත්මක බව හෑල්ලු කිරීමක් බව ඔවුන් පෙන්වා දෙනවා. එය ඍජුවම මෙරට සෞඛ්‍ය පද්ධතියේ ගුණාත්මක බවට හානි කරන බවයි ඔවුන් පවසන්නේ.

මෙම සැලසුමට එරෙහිව කටයුතු කිරීමට සිය සංගමය තීරණය කළ බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles