ඉම්රාන් ඛාන් වසර 3ක් හිරේට : පෙත්සමක් ගොනුකර ඇතැයි නීතිඥයා කියයි.

පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරට අධිකරණය විසින් වසර 3ක සිරදඬුවමක් නියම කර තිබෙනවා. නීතිවිරෝධී අන්දමින් රාජ්‍ය සතු ත්‍යාග විකිණීමක් සම්බන්ධව මෙම තීන්දුව ලබා දී ඇති බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් ඛාන්ගේ නීතිඥයා පවසන්නේ උක්ත නඩු තීන්දුව සම්බන්ධයෙන් පෙත්සමක් ගොනු කර තිබෙන බවයි.

ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙක්ව සිට දේශපාලනයට පිවිස අගමැති තනතුරට පත් ඛාන්ට චෝදනා එල්ල වූයේ 2018 සිට 2022 දක්වා විදේශ සංචාරවලදී ලැබුණු සහ පකිස්තාන රුපියල් මිලියන 140 කට (ඩොලර් 635,000) රාජ්‍යයට අයත් ත්‍යාග විකුණා දැමීමක් සම්බන්ධවයි.

කෙසේ වෙතත් අද දින නඩු විභාගයට හිටපු අගමැතිවරයා නොපැමිණි අතර අප්‍රේල් මාසයේ බලයෙන් පහ කිරීමෙන් පසු ඔහුට එදිරිව නඩු 150කට වඩා පවරා තිබෙන බව කියැවෙනවා. ඛාන්ගේ පාර්ශ්වය ඒ පිළිබඳව පවසන්නේ එම චෝදනා දේශපාලන අරමුණින් කරන චෝදනා බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles