කුවේට් : ලාංකික ශ්‍රමිකයෝ පිටුවහල් කරයි

කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වාර්තා අනුව, නිසි ලියකියවිලි සහ තාවකාලික ගමන් බලපත්‍ර නොමැතිව කුවේට්හි සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 62 ක් පිටුවහල් කර තිබෙනවා.

මෙම පිරිසෙන් 59 දෙනෙක් ගෘහ සේවිකාවන් වන අතර ඔවුන් බණ්ඩාරනායක ගුවන්තොටුපොළෙන් මෙරටට ළඟා වූ බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග පවසනවා.

සේවා කොන්ත්‍රාතු අවසන් වූ පසුත් එහි රැඳී සිටි පිරිසක් මෙලෙස පිටුවහල් කළ බවයි කුවෙට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මෙම පිරිස එහි නතරව සිට මසකට කුවේට් ඩිනාර් 250 පමණ වැටුපක් විවිධ රැකියා ආශ්‍රයෙන් උපයා ගනිමින් එහි රැඳී සිට තිබෙනවා.

කුවේට් සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ වගකිවයුතු අංශ ඒකාබද්ධව දියත් කළ සාර්ථක වැඩපිළිවෙලකින් පසු මේ පිරිස නැවත මෙරට ගෙන්වා ගැනීමට හැකිවූ බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග වාර්තා පළ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles