covid 19 එන්නත් තොගය කල් ඉකුත් වෙයි

කොවිඩ් 19 රෝගය වෙනුවෙන් ගෙනා එන්නත් තොගයක් අගෝස්තු 24 දා කල් ඉකුත් වෙන බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පෙන්වා දෙනවා. කොවිඩ් 19 සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි කියා සිටින්නේ එසේ ඇත්තේ සයිනොෆාම් එන්නත් තොගයක් බවයි.

එන්නත අවශ්‍ය කෙනෙක් වේ නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත පැමිණ එය ලබා ගැනීමට හැකි බව ඔහු පවසා තිබෙනවා.

මේ අතර පසුගිය දා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති පවසා තිබුණේ විදේශගතවීමට අවැසි පිරිස් එන්නත් ඉල්ලා සිටි විට එන්නත් නැති බව බලධාරීන් පැවසූ අවස්ථා වාර්තා වී ඇති බවයි.

මෙරට ලක්ෂ 80ක පමණ පිරිසක් එන්නත් ලබා ගෙන තිබෙන බව වාර්තා තවදුරටත් දක්වා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles