ලංකාවට ගියොත් පරෙස්සමින්: ඕස්ට්‍රේලියාව ජනතාවට කියයි

ඕස්ට්‍රේලියානු ජාතිකයන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අදාළව පනවා තිබූ උපදෙස් මාලාව යළි සමාලෝචනය කිරීමට ඔස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඕස්ට්‍රේලියා රජය තම රටවැසියන්ට දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ නම් විරෝධතා උද්ඝෝෂණ ආදිය පිළිබඳව සැලකිලිමත් වෙමින් එවන් ප්‍රදේශවල සංචාරය කිරීමෙන් වැළකිය යුතු බවයි.

ඖෂධ මෙන්ම ඇතැම් ආනයනික ආහාරවල ද හිඟයක් ඇතිවිය හැකි බව ඔස්ට්‍රේලියානු රජය පෙන්වා දී ඇති අතර එමෙන්ම ක්‍රෙඩිට් කාඩ් වංචාවන්, අධික ලෙස මුදල් අයකිරීම්, ව්‍යාජ භාණ්ඩ අලෙවිය මෙන්ම ලිංගික හිරිහැර සහ මංකොල්ලකෑම් යනාදි අපරාධ ද සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බව ඔස්ට්‍රේලියානු රජය තම ජනතාවට දැනුම් දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles