සජිත් බුද්ධි වාර්තා ගැන සර්වපාක්ෂික රැස්වීමක් ඉල්ලයි

ශ්‍රී ලංකාව තුළ ආගමික සහ වාර්ගික ප්‍රචණ්ඩත්වය පිළිබඳව බුද්ධි අංශ අනතුරු අඟවා ඇතැයි ජාත්‍යන්තර සහ දේශීය මාධ්‍යවල පළ කෙරුණු වාර්තා ගැන අද පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරනු ලැබුවා.

“මාධ්‍ය වාර්තාවලට අනුව, ශ්‍රී ලංකාවේ ආගමික හා වාර්ගික ප්‍රචණ්ඩත්වය සහ බෝම්බ ප්‍රහාර පිළිබඳව විවිධ බුද්ධි අංශ අනතුරු අඟවා තිබෙනවා. මේක භයානක තත්ත්වයක්,” යනුවෙන් විපක්ෂ නායකවරයා ප්‍රකාශය කළා.

තත්වය මෙසේ නම් එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළ අතර සියලු දේශපාලන පක්ෂවල හදිසි රැස්වීමක් කැඳවා එම වාර්තාවල නිරවද්‍යතාවය සහ ඒවායේ විශ්වසනීයත්වය පිළිබඳව එම පක්ෂවලට සහ පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලෙස විපක්ෂ නායකවරයා රජයෙන් ඉල්ලා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles