නියඟය නිසා වැව් අමුණු අවටත් පොලිසිය දාලා

දැඩි නියඟයට මුහුණදීමේ අරමුණෙන් ජලය කළමනාකරණය කිරීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇති ප්‍රධාන ජල මූලාශ්‍රයන් වෙත පොලිස් ආරක්ෂාව යෙදවීමට හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුව තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ඊයේ (24) සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැ බවයි දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ පවසන්නේ.

මේ වනවිටත් මෙම ගැටලුවට මුහුණ දී ඇති තංගල්ල, බෙලිඅත්ත සහ තිස්සමහාරාම, වීරකැටිය, ලුණුගම්වෙහෙර ප්‍රදේශවල ජනතාව උග්‍ර පානීය ජල ප්‍රශ්නයකට මුහුණ දී ඇති අතර ඉදිරියේදී මෙයට වඩා උග්‍ර නියඟයකට මුහුණ දීමට සිදුවිය හැකි බව මෙම කමිටුව වෙත අදහස් දැක් වූ දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂවරයා පෙන්නා දී තිබෙනවා.

ඒ අනුව මෙම තත්ත්වයට මුහුණ දීමට වැව්වල සිට වාරි ජලය ගෙන එන ඇළ මාර්ගවල ඇති අමුණු (මනම්පේරි අමුණ, ගුරුගොඩ ඇල්ල) සඳහා පොලිස් ආරක්ෂාව යෙදවීමටත් 24 වැනිදා සිට චන්ද්‍රිකා වැවේ සිට කට්ටකඩුව වැව දක්වා ජලය ගෙන එන කිලෝමීටර් 31ක් දුර ඇළ මාර්ගයට විශේෂ පොලිස් ආරක්ෂාව යෙදීමටද තීරණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles