බසයේ ගැටුණු ප්‍රධාන පොලිස් පරීක්ෂක දෙමාසයකට පසු මරුට

අවිස්සාවේල්ල – කොළඹ මාර්ගයේ කොස්ගම නගරයේදී යතුරුපැදිය බස් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් මාස දෙකකට අධික කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ඊයේ (24) ජීවිතක්ෂයට පත්වුණා.

මෙලෙස මියගොස් ඇත්තේ පාදුක්ක ගලගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි දෙදරු පියෙකු වන අතර ඔහු අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවය කරමින් සිටියා.

පසුගිය ජුනි මස 06 වැනිදා මෙම අනතුර සිදුව ඇති අතර බරපතල තුවාල ලැබූ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙයට පෙරද මෙවැනි අනතුරකින් පසුගිය ජුනි 29 වැනිදා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් මරණයට පත් වුණා.

අනතුර සිදුකළ බස් රථයේ රියදුරු කොස්ගම පොලිසිය මගින් යළි අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles