නෙත්තිකුමාරගේ සේවිකා ඝාතනය : පොලිසියත් හවුල්!

බොරැල්ල ප්‍රදේශයේ පදිංචි සුධර්මා නෙත්තිකුමාර යන අයගේ නිවසේ සේවය කළ ආර්. රාජ්කුමාරි යන 41 හැවිරිදි තෙදරු මවගේ මරණය ඝාතනයක් බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිදරව් වී තිබෙනවා.

ඒ අනුව, රන්භාණ්ඩ සොරකමක් කළේ යැ යි චෝදනා කරමින් ඇයව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් ඇතුළු මේ සම්බන්ධ සැකකරුවන් සියලු දෙනා අත්අඩංගුවට ගන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කර තිබෙනවා.

මොට ආයුදයකින් පහරදීම නිසා අභ්‍යන්තරයට රුධිරය වහනය වීමෙන් ඇය මිය ගිය බවයි පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ දක්වා ඇත්තේ.

වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබූ ඇයට පොලිසිය තුළදී පහර දී ඇති බවත්, ඒ හේතුවෙන් අසාධ්‍ය වූ ඇය පසුදින කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පසු මිය ගිය බවටත් කරුණු ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබුණා.

ඇයට පහරදීමට වැලිකඩ පොලිසියේ අදාළ නිලධාරීන් යොදාගත් වතුර බට කැබැල්ලක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles