Breaking : ගුවන් තොටුපොළ පැය 4කට බිඳ වැටෙයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ප්‍රධාන මෙහෙයුම් ඒකකය (ප්‍රත්‍යන්ත පාලන ඒකකය) පැය 4කට බිඳ වැටුණු බව විශ්වාසවන්ත ආරංචි මාර්ග lankaline වෙත සඳහන් කළා. අප ගුවන්තොටුපොළ ආගමන විගමන අංශයෙන් ඒ පිළිබඳ විමසූ විට ඔවුන්ද ඒ්‍ බව තහවුරු කළා. ඔවුන් තවදුරටත් පැවසුවේ ප්‍රධාන සර්වරය බිඳ වැටුණු බවත් මේ වන විට එය යථා තත්වයට පත් කර ඇති බැවින් මෙහෙයුම් සාමාන්‍ය පරිදි සිදුවන බවයි.

කෙසේ වෙතත් මෙම බිඳ වැටීම සිදුවන්නේ අලුයම 2.45 සිට ඉදිරියට පැය 4ක් බවයි කියැවුණේ. මෙය ආගමන විගමන කටයුතුවල ඉතාම කාර්යබහුල වෙලාව වන අතර එයින් මගී ගමන් විශාල වශයෙන් ප්‍රමාද වීම සිදු වනවා.

ගුවන් තොටුපොළ පමණක් නොව සියලුම වරායන්හි ආගමන විගමන කටයුතුද මෙම සර්වරය හරහා පාලනය වන බැවින් එම කටයුතු ද බිඳ වැටුණු බවයි දැන ගැනීමට ඇත්තේ.

කෙසේ වෙතත් මෙම ආගමන විගමන ප්‍රත්‍යන්ත පාලන ඒකකයේ සර්වරය තෙවැනි පාර්ශ්වයක් විසින් පාලනය කරන එකක් බවත් එහි නඩත්තු කටයුතු නිසි පරිදි සිදු නොවන බවත් දැනගැනීමට ලැබෙනවා. මාසයකට කිහිප වතාවක් මෙම සර්වර්ය බිඳ වැටී මෙවැනි ප්‍රමාදයන් සිදුවීම සුලබ තත්වයක් බවයි අපට තොරතුරු ලබා දුන් නම සඳහන් කිරීමට අකමැති ගුවන්තොටුපොළ ඉහළ නිලධාරියෙක් පැවසුවේ. මෙහිදී බොහෝ විට සර්වරයෙන් ස්වයංක්‍රීය පාලන කටයුතු මුදවා සේවකයන් විසින් එම කටයුතු මෙහෙයවීම සිදු කරන අතර එය අවදානම් කාර්යයක් බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles