මැක්‍රොන් ලංකාවට ආවේ නිකං නොවේ: විදෙස් විචාරකයෙක් කියයි!

පසුගිය දා සිදු වූ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ ශ්‍රී ලංකා සංචාරය හදිසියේ සිදුවූ සරල එකක් නොවන බව හොංකොංහි ඉංග්‍රීසි පුවත්පතක් වන South China Morning Post හි දේශපාලන විශ්ලේෂක කුනාල් පුරෝහිත් පවසනවා. මෙම පුවත්පත සහ වෙබ් අඩවිය චීනයේ අලිබබා බහුජාතික ව්‍යාපාර සමූහයට අයත් එකක් වනවා.

ඔහු පවසන්නේ කලාපයේ බලවතුන් වන ඉන්දියාව සහ චීනය අතර තරඟය අතරතුර ඉන්දු-පැසිෆික් කලාපයේ සිය බලපෑම වැඩි කිරීමට ප්‍රංශයට අවශ්‍ය බව ජනාධිපති මැක්‍රොන්ගේ මෑත ශ්‍රී ලංකා සංචාරය පෙන්නුම් කරන බවයි.

ශ්‍රී ලංකාව බලවතුන්ගේ ගැටුම්වල පාර්ශ්වයක් නොගෙන කටයුතු කිරීමට වෑයම් කරද්දී මැක්‍රොන්ගේ මේ සංචාරය සිදුවුණු බව ඔහු පවසනවා. එසේ ශ්‍රී ලංකාව මධ්‍යස්ථ පිළිවෙතක සිටිද්දී ප්‍රංශයටද මේ බල අරගලය අතර විකල්පයක් බවට පත්වීමට අවශ්‍යව තිබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ප්‍රංශ-ශ්‍රී ලංකා සබඳතා 75 වසරක් සපුරන මෙම වසරේ පසුගිය දා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා වේදිකාවක් සැකසුණේද ප්‍රංශයේදී යි. එසේම පසුගිය දිනවල ප්‍රංශයේ ශ්‍රී ලංකාවේ මූල්‍ය කළමනාකරණය ශක්තිමත් කිරීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 10.6ක මුදලක ප්‍රදානයක්ද ලබා දුන්නා.

ආසන්නතම බලවතා වන ඉන්දියාවේ ආධාර හරහා වන බලපෑම ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයට මේ වන දැනෙමින් ඇති බවත් එය සමනය කර ගැනීමට ඉන්දියාව කෙරෙහිම යොමු වීම ගැන නැවත ශ්‍රී ලංකාව කල්පනා කරනු ඇති බවත් ඉන්දීය දේශපාලන විචාරකයන් පවසනවා. මෙම ආතතිකාරී තත්වය ප්‍රංශයේ ශ්‍රී ලංකා නැමියාව හරහා සමනය වනු ඇති බවට ඔවුන් මත පළ කරනවා.

පසුගිය මාස දෙක තුළ ප්‍රංශ නාවික හමුදාවට අයත් නෞකා දෙකක් පහසුකම් ලබා ගැනීම සඳහා ලංකාවට පැමිණීමද මෙහි සාධකයක් ලෙස මෙම විශ්ලේෂණයේ දක්වා තිබෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සමහර දේශපාලන විචාරකයන් ප්‍රංශ ජනාධිපතිවරයාගේ පැමිණීම උපහාසයෙන් යුතුව සලකනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles