යටත්විජිත කාලෙට වෙනස් නෑ! රට දැන් IMF ග්‍රහණයේ: අනුර

බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය යටතේ සිටියා සේම ශ්‍රී ලංකාව දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ග්‍රහණයට ලක්ව ඇති බවත්, ශ්‍රී ලංකාවට තම බදු හෝ මූල්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීමට නිදහසක් හෝ ස්වෛරීභාවයක් නැති බවත් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (2023.08.26) පැවසුවා.

ජාතික භික්ෂු පෙරමුණ විසින් පදනම් ආයතනයේදී සංවිධානය කළ උත්සවයක් අමතමින් ඔහු කියා සිටියේ වර්තමානයේ යටත් විජිත පාලකයන් භෞතිකව මෙහි නොසිටියත් බදු අයකිරීම්, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ආදි සියලු තීරණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවය මත සිදුකෙරෙන බවයි.

“වර්තමාන තත්ත්වය යටත්විෙජිත පාලනයට වඩා වෙනස් වෙන්නෙ කොහොමද?” යනුවෙන් ඔහු ප්‍රශ්න කරනු ලැබුවා. පාර්ලිමේන්තුවට රාජ්‍ය මූල්‍ය බලය තිබෙන බව පැවසුවත්, ශ්‍රී ලංකාව තුළ බදු පැනවීමට, වෙනස් කිරීමට සහ ඉවත් කිරීමට බලතල ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට බව ජාතික ජනබලවේගයේ නායකයා එහිදී ප්‍රකාශ කළා.

නිදහස සහ ස්වෛරීයත්වය වෙනුවෙන් නව අරගලයක අවශ්‍යතාව ඔහු මෙහිදී අවධාරණය කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles