නර්තනයේ යෙදී සිටි තරුණියක් මිය ගිහින්

මංගල උත්සවයක නර්තනයේ යෙදී සිටි තරුණියක් හදිසියේ අසනීප වී රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මීගොඩ උඩගෙවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක් බවයි මොරගහහේන පොලිසිය සඳහන් කරන්නේ.

මංජරී ආදිත්‍යා ප්‍රනාන්දු නැමැති ඇය 25 හැවිරිදි අවිවාහක තරුණියක් වන අතර ඇය හොරණ බටුවිට ප්‍රදේශයේ පුද්ගලික සමාගමක අලෙවි විධායකවරියක් ලෙසයි සේවය කර තිබෙන්නේ.

ඇය තම ආයතනයේ මිත්‍රයකුගේ විවාහ මංගල උත්සවයකට සහභාගි වී ඇති අතර එහිදී එම පිරිස සමඟ ඇය නර්තනයේ යෙදී තිබෙනවා.

එසේ නර්තනයේ යෙදෙමින් සිටින අවස්ථාවේදී ඇයට අසනීප වීමෙන් අනතුරුව හොරණ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් වෙත රැගෙන යාමෙන් අනතුරුව එම රෝහලේ වෛද්‍යවරු ඇයව හොරණ රජයේ රෝහල වෙත රැගෙන යාම සඳහා උපදෙස් ලබාදී තිබෙනවා.

පසුව තරුණිය හොරණ රෝහල වෙත රැගෙන යාමෙන් අනතුරුව සිදු කළ පරික්ෂාවේදී ඇය මියගොස් ඇති බවට වෛද්‍යවරුන් විසින් දැනුම් දී දුන් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles