හිරු-ස්වර්ණවාහිනී ජනකට පාරෙ බැහැලා යන්න බැරි කරලා!

සිකුරාදා (25) බත්තරමුල්ල, තලංගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා ලෙස තමන්ගේ ඡායාරූපය ෆේස්බුක් සමාජ ජාලයෙන් ලබාගෙන භාවිත කළ බවට කෑගල්ල ප්‍රදේශයේ පුද්ගලයකු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය රූපවාහිනී නාලිකා දෙකක් වන හිරු සහ ස්වර්ණවාහිනී යන නාලිකා දෙකට චෝදනා කරනවා.

ජනක පුෂ්පකුමාර නමැති ඔහු පවසන්නේ තමන් මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති නාලිකා දෙකටම දැනුම් දුන් නමුත් සෙනසුරාදා (26) සවස් වන විටත් එම පෝස්ට් ඉවත් කර නොමැති බවයි. ඒ නිසාම සිද්ධිය සම්බන්ධයෙන් යළිත් වරක් තමන් පොලිසියට පැමිණිල්ලක් කළ බවද ඔහු කියා සිටියා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ප්‍රවෘත්ති නාලිකා සිය ෆේස්බුක් ගිණුමෙන් ඡායාරූපයක් ගෙන වෙඩි තැබීමේ සිද්ධියට ගොදුරු වූ පුද්ගලයා ලෙස කිසිදු තහවුරු කිරීමකින් තොරව පළ කර ඇති බවත්, මේ නිසාවෙන් තමන්ගේ පෞද්ගලික ජීවිතයට මහත් හානියක් සිදුවුණ බවත් ය. මෙම සිදුවීම නිසාවෙන් තමන්ට රැකියාවක් පවා කරගත නොහැකි තත්වයක් මතු වී ඇති බවයි ඔහු කියා සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles