කැස්බෑ මරණවල හේතුව හෙළි වෙයි

පසුගිය සති කිහිපය පුරා විශාල වශයෙන් කැස්බෑවුන් මිය ගොස් මුහුදු වෙරළ වෙත ගසා ගෙන ඒමට හේතුව මේ වන විට හෙළිදරව් කරගෙන තිබෙනවා. තහනම් මසුන් ඇල්ලීමේ ක්‍රමයක් වන ඩයිනමයිට් පුපුරවා මසුන් ඇල්ලීම නිසා මෙලෙස සිදුවන බවයි සොයාගෙන ඇත්තේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ පිපිරීම් නිසා සිදුවන කම්පන තරංග මෙම මරණ වලට හේතු වන බවයි.

කෙසේ වෙතත් 2020 වසරේ දී සිදුවුණු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ පිපිරුම් නිසා සිදුවූ රසායනික බලපෑම්ද අමතක කළ නොහැකි බව සමුද්‍ර පරිසර සංවිධාන පෙන්වා දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles