වකුගඩු සැත්කමින් මළ දරුවාගේ, දිනේෂ් ෂාෆ්ටර්ගේ අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක්ට වෙන දේ!

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පසුගියදා අනිවාර්ය නිවාඩු යවා ඇති ආන්දෝලනාත්මක අධිකරණ වෛද්‍ය නිලධාරී (JMO) වෛද්‍ය රුහුල් හක්ගේ වැඩ තහනම දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) තීරණය කර ඇතැයි වාර්තා වෙනවා. ඔහුට එරෙහි සියලු පරීක්ෂණ අවසන් වන තුරු දින නියමයක් නොමැතිව වැඩ තහනමක් පැනවීමට පවා ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

වෛද්‍යවරයකු ලෙස ඔහුගේ වැඩ කටයුතු මාස අටක කාලයක් සඳහා අත්හිටුවා තිබියදීත්, ඔහු JMO ලෙස දිගටම ක්‍රියා කළ බවත්, පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වූ බවත් හෙළි වීමෙන් රටේ මහත් ආන්දෝලනයක් ඇති වුණා. ඉන්පසුව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඔහුව අනිවාර්ය නිවාඩු යවනු ලැබුවා.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පනවන ලද වැඩ තහනම නොතකා හක් දිගින් දිගටම සේවා කටයුතුවල නිරත වූ බවට හෙළිදරව් වීමත් සමඟ අදාළ පාර්ශ්ව කිහිපයක් ඔහු දිගින් දිගටම එම ධුරයේ කටයුතු කළ ආකාරය සහ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන ආකාරය පිළිබඳව ප්‍රශ්න කරනු ලැබුවා. වකුගඩු ශල්‍යකර්මයකින් පසු ආසාදනයක් හේතුවෙන් රිජ්වේ ළමා රෝහලේදී (LRH) ජුලි 28 වැනිදා මියගිය කුඩා දරුවා, ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් යන අයගේ මරණ සම්බන්ධයෙන් පරස්පර විරෝධී කරුණු සහිතව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා සකස් කිරීමේ චෝදනා ඔහුට එරෙහිව එල්ල වී තිබෙනවා. අධිකරණය පවා පවසා තිබුණේ මෙම අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ ක්‍රියාවන් ගැටලුසහගත බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles