BREAKING : ඉම්රාන්ට ලැබුණු තීන්දුව වෙනස් වෙයි

පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව පනවා තිබූ වසර තුනක සිර දඬුවම අත්හිටුවීමට එරට අධිකරණයක් තීන්දු කර තිබෙනවා.

ඉස්ලාමාබාද් මහාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

අද පැවති නඩු විභාගයේදී විනිසුරුවරුන් නියෝග කළේ, ඉම්රාන් ඛාන් ඇප මත මුදා හරින ලෙස යි.

රජයට ලැබුණු ත්‍යාග අනිසි ලෙස භාවිත කළ බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව නඩු පවරා තිබුණා. මෙම තීන්දුවෙන් පසු පාකිස්තානයේ ඉම්රාන් ඛාන් පාක්ෂිකයන් එය සමරන බව විදෙස් පුවත් සේවා වාර්තා කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles