සිම්බා: සතුන්වත්තේ නව සාමාජිකයා මහජන ප්‍රදර්ශනයට

දෙහිවල ජාතික සත්වෝද්‍යානයට මෑතකදී එකතු වූ ‘සිම්බා’ නම් සිංහ පැටවා දැක මහජන ප්‍රදර්ශනයට එක් කර තිබෙනවා. සිම්බාට මේ වන විට වයස සති 5ක් වන බවයි පැවසෙන්නේ. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිලක් ප්‍රේමකාන්ත මහතා පවසන්නේ සෑම දිනකම දෙහිවල සත්වෝද්‍යානයේ අලි රැඟුම් පවත්වන වේදිකාවේ (ප්‍රධාන අවන්හල අසල) පෙ.ව. 9.30 සිට 10.30 දක්වා සහ පස්වරු 2.30 සිට 3.30 දක්වා සිම්බා දැකබලාගත හැකි බවයි.

හම්බන්තොට සෆාරි උද්‍යානයේ චන්දි සහ මීරාට දාව උපන් සිම්බා උපතින් පසු මව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. එබැවින් සිම්බා දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත රැගෙනවිත් පශු වෛද්‍යවරුන්ගේ සහ සත්ව භාරකරුවන්ගේ අධීක්ෂණය යටතේ රැකබලා ගනිමින් සිටිනවා.

පාසල් නිවාඩු කාලය තුළ දෙහිවල ජාතික සත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන සියලුම පාසල් සිසු-සිසුවියන්ගේ අවධානය සිම්බා දිනාගෙන ඇති බවයි සත්වෝද්‍යාන ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles