කෙහෙළිය නිසා මැති ඇමැතිවරුන්ට රට ගමන් තහනම්!

ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට සැප්තැම්බර් 5,6 ,7 සහ 8 යන දිනයන්හි විදේශ ගමන් නොයන ලෙස
ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම් දී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විපක්ෂයෙන් ගෙනා විශ්වාසභංග යෝජනාව මෙම දිනයන්හි දී විවාදයට ගෙන ඡන්ද විමසීමට නියමිත නිසා ජනාධිපතිවරයා ඉහත නියෝගය නිකුත් කළ බවයි සඳහන් වෙන්නේ.

එසේම සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා දින දෙකක් හෝ තුනක් අවශ්‍ය බවට සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටි අතර ආණ්ඩු පාර්ශවයෙන් ඊට එකඟතාවය ද පළ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles