ඉන්දීය ආරක්ෂක ඇමැති මෙරට සංචාරයක?

ඉන්දීය මධ්‍යම රජයේ ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ශ්‍රී ලංකාවට පැමිණෙන බව ටයිම්ස් ඔෆ් ඉන්දියා වාර්තා කරනවා. සති අන්තයේ දින දෙකක සංචාරයක් සඳහා ඔහු මෙහි පැමිණෙන බව ඉන්දීය ආරක්ෂක තොරතුරු මූලාශ්‍ර ආශ්‍රයෙන් ඔවුන් දක්වා තිබෙනවා.

ඔහුගේ මෙම සංචාරය සිදුවන්නේ, චීන පර්යේෂණ නෞකාවකට පැමිණීමට අවසර දෙන ලෙස විදෙස් අමාත්‍යංශයෙන් ඉල්ලා ඇති පසුබිමක බව එම පුවත් වාර්තාවේ දැක්වෙනවා.

ඉන්දීය සංචාරක අමාත්‍යවරයා ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ඒකාබද්ධ සංවර්ධන කටයුතු සඳහා සොයා බැලීමටද මේ ගමනේදී අපේක්ෂා කරන බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles