සෞඛ්‍ය අමාත්‍යංශය මරණ සාමාන්‍යකරණය කරනවා:කුමුදේශ්

ඖෂධ ආසාත්මිකතාවයෙන් රෝගීන් මියයෑම සාමාන්‍යකරණය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය උත්සාහ කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් පවසනවා.

ඔහු එසේ පවසමින් ප්‍රශ්න කරන්නේ බෙහෙත්වල නොවේ නම් පවතින සෞඛ්‍ය ක්‍රමවේදයේ ගැටලුවක් තිබේ ද යන්නයි.

අසාත්මිකතාවක් හේතුවෙන් 50 හැවිරිදි පුද්ගලයෙක් ජාතික රෝහලේදී මියගිය බවත් අමාත්‍යංශය මේ සම්බන්ධව ක්‍රියාත්මක නොවෙන්නේ කුමක් නිසාද යනුවෙන් ඔහු විමසනවා.

එසේම මෙම ඖෂධ නිෂ්පාදන සමාගම් ද මෙම මරණ සිදු වන්නේ ඖෂධ නිසාද යන්න දැන ගැනීමට සිය කැමැත්ත පළ කර තිබිය දී සෞඛ්‍ය අමාත්‍යංශය එම පරික්ෂණ සිදු කිරීමට යොමු නොවන බව ද ඔහු පවසනවා.

ඖෂධයේ වැරැද්දක් ද ? ක්‍රමවේදයේ වැරැද්දක්ද? කියා දැන ගැනීමට අසාත්මිකතා ඇතිකළ මෙම ඖෂධය WHO රසායනාගාරයට යොමු කර නැත්තේ ඇයි ද යන්න ඔහු විමසනවා.

කෙසේ වුව ද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසන්නේ දේශීය සමාගමක් නිෂ්පාදනය කල ‘කෝ-ඇමෙක්සික්ලොව්’ එන්නත් 21,000 ක් ජාතික රෝහලට ලබාදී ඇති අතර එයින් 18,000ක් භාවිත කර ඇති නමුත් මෙම භාවිතා කරන ලද එන්නත් 18,000න් කිසිදු ගැටලුවක් මතුවී නැති බවයි.

එසේම ගැටලුවක් වී ඇත්තේ එක් එන්නතක බවත් පවසන ඔහු ඖෂධ ගැටලු සොයා බැලීමට පත් කෙරුණු විශේෂඥ කමිටුව මෙම සිදු වු මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවයි සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles