අනිවාර්ය එන්නතක් නෑ: රට ගමනට වැට බැඳෙයි ද?

විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයන් අනිවාර්යෙන් ලබා ගත යුතු කහ උණ එන්නත මේ වන විට රට තුළ නොමැති බව වාර්තා වෙනවා.

ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව මෙරට පුද්ගලයන් විදෙස්ගත වීමේ දී එම එන්නත ලබා ගත යුතුව ඇතත් එය නොමැති වීම නිසා එම රෙගුලාසි උල්ලංඝනය වන බවයි පැවසෙන්නේ. එන්නත ලබා ගැනීමෙන් තොරව විදෙස්ගත වීම නිසා එම රටවලදී කහ උණ රෝගය වැළඳීමේ අවදානමක්ද මතුව තිබෙනවා.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ බොහෝ අංශවල පවතින මෙවැනි දුර්වලතා නිසා ලංකාව ජාත්‍යන්තර අපකීර්තියකට ලක් විය හැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles