ගල්කොරි ලයිසන් එකට අල්ලස් ගත්තැයි පොහොට්ටු මන්ත්‍රීට නඩු

ගල් කොරියක බලපත්‍රයක් ලබා දීම සඳහා, දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිව සිටියදී අල්ලස් ලබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලකට සහ එවක එහි සභිකයෙක් වූ අජිත් සිසිර කුමාර යන අයට අදාළ නඩුව සඳහා දින නියම වී තිබෙනවා.

නොවැම්බර් මස 07 වැනි දා වන එදිනට පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ටද අධිකරණය හමුවේ පෙනී සිට සාක්ෂි දෙන්නැයි විනිසුරුවරයා සිතාසි නිකුත් කර තිබෙනවා.

ඊයේ මෙම නඩුව කොළඹ මහාධිකරණයේ කැඳවූ අවස්ථාවේදී අදාළ චූදිතයන් දෙදෙනා පෙනී සිටිනු ලැබුවා.

මෙම සිදුවීම 2012 වසරේදී සිදුවූ බවයි පැවසෙන්නේ. ඉල්ලා ඇති අල්ලස් මුදල රුපියල් ලක්ෂ 7ක් බවත් ලක්ෂ 6ක් ලබා ගැනීම සහ ඊට ආධාර අනුබල ලබාදීම ඇතුළු අධිචෝදනා 8ක් යටතේ සැකකරුවන්ට එදිරිව නඩු පවා ඇත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles