මාරාන්තික බැක්ටීරියාව කොළඹ ඇවිත් ද?

ගාල්ල බන්ධනාගාරයෙන් පළමුවරට හඳුනාගත් මෙනින්ගොකොකල් රෝගයට සමාන රෝග ලක්ෂණ සහිත රෝගියෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූයේ යැයි නිල නොලත් ආරංචිමාර්ග වාර්තා කළා.

එම රෝගියා රත්මලාන ප්‍රදේශයේ කාර්යාලයක සේවය කරන ජාඇල ප්‍රදේශයේ 49 හැවිරිදි පුද්ගලයෙකු බවයි එම ආරංචිමාර්ග දක්වා තිබුණේ.

වාර්තා වන අන්දමට රෝගියා උණ වැළඳී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව මෙනින්ගොකොකල් රෝගයට සමාන රෝග ලක්ෂණ මතුවීම ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා.

කෙසේ වෙතත්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයන් මෙන්ඩිස් ප්‍රකාශ කරන්නේ මෙනින්ගොකොකල් රෝග ලක්ෂණ සහිත කිසිදු රෝගියෙකු තම රෝහලට ඇතුළත් කර නොමැති බවයි. මීට අමතරව, ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා ද ජාතික රෝහලට එවැනි රෝගියෙකු ඇතුළත් කර ඇතැයි කියන වාර්තා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

තවත් ආරංචිමාර්ගයක් වාර්තා කරනු ලැබුවේ මෙනින්ගොකොකල් ලක්ෂණ වැනි ලක්ෂණ සහිත රෝගියෙකු වුවද එම රෝගියාගේ රෝගය මෙනින්ගොකොකල් ද යන්න නිල වශයෙන් තවමත් තහවුරු කර නැති නිසා බලධාරීන් මෙලෙස ප්‍රකාශ කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles