දරුවෙකු අපයෝජනය කළ හිමිනම බරපතළ වැඩ ඇතිව වසර 10ක් හිරේ!

අවුරුදු 9ක් වයසැති පිරිමි දරුවෙකුට ලිංගික අපයෝජන කළ බවට වැරදිකරුවෙකු වූ බෞද්ධ හිමි නමකට බරපතළ වැඩ සහිත අවුරුදු දහයක සිර දඬුවමක් (අගෝ. 29) බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක විසින් නියම කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිදුවීම සිදුව ඇත්තේ මෙයින් වසර 14කට පෙරයි. එවක වයස 9ක දරුවෙකු වූ මෙම වින්දිතයා මේ වන විට 33 හැවිරිදි වනවා.

මෙසේ සිර දඬුවම් නියම වූයේ, උඩුවිල, විවේක සේනාසනයේ වැඩ සිටි උඩුවිල සුජාත නමැති හිමිනමකට යි.

එවකට, ලිංගික අපයෝජනයට ලක් වූ දරුවා අඩු ආදායම්ලාභී පවුලක වීම නිසා මෙම සේනාසනයේ සිට පාසල් ගොස් ඇති බව නඩු විභාගයේදී අනාවරණය වුණා.

වැරදිකරු වූ හිමි නම 2009 සැප්තැම්බර් 16 වන දින කිහිප වරක් මෙම දරුවාට බරපතළ ලිංගික අතවර කර ඇති බව නඩුවට සම්බන්ධ පොලිස් පරීක්ෂණවලදී හෙළදරව් වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles